මෛත්‍රී විජය විජයකලා බලන්න යයි - රොසිත් නිදහස්පක්ෂයට පනින ලකුණු - කොළඹ නගර සභාවේ සීතල ගින්නක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 22, 2022

මෛත්‍රී විජය විජයකලා බලන්න යයි - රොසිත් නිදහස්පක්ෂයට පනින ලකුණු - කොළඹ නගර සභාවේ සීතල ගින්නක්

මෛත්‍රී විජය විජයකලා බලන්න යයි
රොසිත් නිදහස්පක්ෂයට පනින ලකුණු
කොළඹ නගර සභාවේ සීතල ගින්නක්

සිය යාපන සංචාරය අතරතුරදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (21) යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන්ගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක් පවත්වා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විජයකලා මහේශ්වරන්ගේ නිවසේ පැවති ආහාර වේලකට එක්ව ඇති අතර සුහද පිළිසඳරකද නිරත විය.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයට එක්වු අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේශ්වරන් මහත්මිය හමුවීම සුවිශේෂි කරුණකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා කොළඹ පුරපතිනි රෝසි සේනානායක ද එක්ව තිබේ.

මේ අතර කොළ‍ඹ නගරාධිපතිනී රෝසි සේනානායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග යාපනය සංචාරයට එකතුවීම පිළිබදව කොළඹ, සමගි ජනබලවේග සහ එජාපයට හිතැති නාගරික මත්‍රීවරුන්ගේ කෘතුහලයට භාජනයවී ඇත.

ඔවුන් පවසන්නේ රෝසී සේනානයකගේ වංචා දූශන වසා ගැනීමට ආණ්ඩුව සමග ඩීල් දමන බවයි.

2024 ජනාධිපතිවරණ සමය වන විට රෝසිසේනානායක පාර්ලිමේන්තු අසුනක් වෙනුවෙන් නිදහස්පක්ශය හා එක්වීමට ඉඩකඩ ඇති බවද , එය ප්‍රසිද්ධ රහසක් බවද ඔවුන් අප සමග පැවසීය.

කෙසේ නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිය යාපන සංචාරය සාර්තක බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.









No comments:

Post a Comment

Post Bottom Ad