ජනක රත්නායකට ආණ්ඩුවෙන් දැඩි ප‍්‍රහාරයක්! වහා කට වහගන්නැයි දන්වයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 22, 2022

ජනක රත්නායකට ආණ්ඩුවෙන් දැඩි ප‍්‍රහාරයක්! වහා කට වහගන්නැයි දන්වයි!

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය හමු කැඳවා වරින් වර කරන පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන් රජය අපහසුතාවයට පත්වන බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවට පැමිණීම වළක්වන්නයි ද පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ.

මාස තුනක් යනතුරු කිසිසේත්ම විදුලිය නොකපන බවට මුලින් ප්‍රකාශ කළ සභාපතිවරයා ඊට දෙදිනකට පසුව මාධ්‍ය හමු පවත්වමින් විදුලිය කපන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ආණ්ඩුවේ මහජන නියෝජිතයන් මෙන්ම රජයද අපහසුතාවයට පත්වන බව ඔවුන් පෙන්වා දී ඇත.

අග‍්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ඔවුන් මේ බව පෙන්වා දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad