ජනපතිගේ පදවිප්‍රාප්තිය සමරන්න ඇමති දිලුම් ලොකු වැඩක් කරලා! වියදම මිලියන 136ක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 22, 2022

ජනපතිගේ පදවිප්‍රාප්තිය සමරන්න ඇමති දිලුම් ලොකු වැඩක් කරලා! වියදම මිලියන 136ක්!

ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර, ධාවනයට එක් කිරීම ඊයේ (22) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී  සිදු කෙරුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්සි.

වාහන ආනයනය සීමා කිරීමත් සමග බස් රථ ගෙන්වීම ද අත්හිටවනු ලැබුවා.

එහිදී ඇති වූ බස්රථ හිඟයට හා විනිමය ඉතිරි කිරීමට පිළියමක් ලෙස අබලන්ව ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත්වැඩියාවට පියවර ගෙන තිබෙනවා.

එහි පළමු අදියර යටතේ බස් රථ 273ක් අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම 2020 දෙසැම්බර් මාසයේ දී සිදු වුණා.

දිවයින පුරා පිහිටි ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කළ බස් රථ 200ක් දෙවන අදියර යටතේ අලුත්වැඩියා කෙරුණු අතර ඊට  වැය කළ මුදල රුපියල් මිලියන 136ක්.

ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ පූර්ණ සහාය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

බස් රථවල ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයකයන් සමග කථා බහ කරමින් ඔවුන් දිරිමත් කිරීමටද කටයුතු කළා.

ලංගම විසින් සෑම වසරකම එක් ඩිපෝවට බස්රථ දෙක බැගින් අලුත් වැඩියා කර පුනරුත්ථාපන කිරීමේ වැඩසටහන යටතේ යළිත් ධාවනය සඳහා ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ලංකාව පුරා පිහිටි ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107 ක මෙම බස් රථ නැවත පිළිසකර කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

මෙම පුනරුත්ථාපන වැඩසටහන යටතේ හොඳම බස් රථය නැවත ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් එම බස් රථය අලුත්වැඩියා කල ඩිපෝව ඇගයීමකට ලක් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

මෙහිදී අදහස් දැක්වූ වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ ලංගම පාඩු ලබන ආයතනයක් නොවන බවත් ඉන්ධන මිලදී ගැනීම සිදු කරන්නේ මුදල් ගෙවීමෙන් අනතුරුව බවයි.

මෙම බස් රථ මෙම ස්ථානයෙන් තම ඩිපෝ බලා පිටත් වුවද ඒ ගමනාන්ත දක්වා යන විට මගින් රැගෙන යාමට ද ක්‍රියාකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad