ජ.වි.පෙ කියන්නෙ තමන්ටම කුණු බිත්තර ගහගන්න පුලුවන් පක්ෂයක් - නාමල් රාජපක්ෂ - විගස පුවත් - Vigasapuwath

Tuesday, February 1, 2022

ජ.වි.පෙ කියන්නෙ තමන්ටම කුණු බිත්තර ගහගන්න පුලුවන් පක්ෂයක් - නාමල් රාජපක්ෂ

ජනතා විමුක්ති පෙරමුණ විසින්ම ජනතා විමුක්ති පෙරමුණ මේ බිත්තර ප්‍රහාරය එල්ල කරගත්තා දැයි සොයා බැලිය යුතු බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ  පවසයි.

“ ජනතා විමුක්ති පෙරමුණ විසින්ම ජනතා විමුක්ති පෙරමුණ මේ කටයුත්ත කරගත්තද කියලා  හොයන්න ඕන. මොකද ඒ අයගෙ ඉතිහාසය ගත්තම මේ රටේ රාජ්‍ය දේපල නිවාස ටයර් සෑයවල් ගොඩනගපු දේශපාලන පක්ෂයක්. එවැනි පක්ෂයක් සමහරවිට මෙවැනි දේවල්වලට සම්බන්ධ වෙන්නත් පුලුවන්.

තමන් විසින්ම තමන් කරගත්ත ද දන්නෙ නෑ. ජනතා විමුක්ති පෙරමුණ කියනවනෙ දැන් ජනතාවට දැන්  තේරිලා කියලා.  එහෙම තේරිලා කවුරුහරි කරපු කාරණයක් ද කියලත් හොයන්න ඕන. එහෙමත් නැතිනම් මේක පෞද්ගලික කෝන්තරයක් ද කියලා හොයන්න ඕන. මොකද  අපේ සන්ධානය මේ කිසිසේත් මේ කටයුත්තට කිසිම සම්බන්ධයක් නෑ. ඒ වගේම මේ සිද්ධිය අපි දැඩි සේ හෙළා දකිනවා.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *