සිපෙට්කෝ දැවැන්ත මිල වැඩි කිරීමක! ඩීසල් 95කින්, පෙට‍්‍රල් 77කින්.. ඒත් පාඩුයි.. තව වැඩි කල යුතුයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 11, 2022

සිපෙට්කෝ දැවැන්ත මිල වැඩි කිරීමක! ඩීසල් 95කින්, පෙට‍්‍රල් 77කින්.. ඒත් පාඩුයි.. තව වැඩි කල යුතුයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත%ියේ සිට සිය බෙදුම්හල්වලද ඉන්ධන මිල ඉහල දමා ඇත.
ඒ අනුව ලීටරයක නව මිල මෙසේය.
ඒසේ මිල ඉහල දහා ඇති ප%මාණයන් හා නව මිල ගණන් මෙසේය.

පෙට්‍රල් (92) – රු.77කින් – නව මිල රු.254
පෙට්‍රල් (95) – රු.76කින් – නව මිල රු.283
ඔටෝ ඩීසල් – රු.55කින් – නව මිල රු.176
සුපර් ඩීසල් – රු.95කින් – නව මිල රු.254

මිල වැඩි කිරිමෙන් පසු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නව මිල මෙසේය.‍

යුරෝ 03 පෙට්‍රල් – රුපියල් 263
ඔක්ටේන් 95 පෙට්‍රල් – රුපියල් 283
ඔටෝ ඩීසල් – රුපියල් 214
සුපර් ඩීසල් – රුපියල් 249

ඒ් අනුව තව දුරටත් සිපෙට්කෝ බෙදුම්හල්වල ඩීසල් මිල අඩු මිලකින් යුක්ත වන අතර රැපියල් 128ක මිල වැඩිකිරීමක් සංස්ථාව විසින් ඉල්ලා තිබින. මෙම තත්වය මත සිපෙට්කෝ අලෙවිසල් තව දුරටත් පාඩු ලබනු ඇති අතර මිල සාධයක මත ඩීසල් ලබා ගැනීම සදහා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත රියදුරන් යොමු වීම අධෛර්යට පත් වනු ඇත.

කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීම මෙරට ඉතිහාසයේ වැඩිම මිල වැඩි කිරීමයි.


No comments:

Post a Comment

Post Bottom Ad