කලාකරුවන් සිරගෙදර ඉදිරිපිට රංජන්ගේ උපන්දිනය සමරයි (VIDEO - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 11, 2022

කලාකරුවන් සිරගෙදර ඉදිරිපිට රංජන්ගේ උපන්දිනය සමරයි (VIDEO

අධිකරණයට අපහාස කිරීමේ චෝදාන මත දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් හා සිවිල් සංවිධාන සාමාජාකයෝ පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී කේක් කපා සැමැරීමක් සිදු කළා. 

සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකයෙකු වන හිටපු මන්ත්‍රීවරයාගේ රසික රසිකාවියන් විසින් මෙම සැමරුම සංවිධානය කර සිදු කර තිබෙනවා.

වසර හතරක සිරදඬුවමක් විඳිමින් සිටින රාමනායක මහතාගේ විශාල කාඩ්බෝඩ් කටවුට් එකක් සමඟ කේක් කපන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.

අනතුරුව ඔවුන් හිටපු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්වුවා. 

රාමනායක මහතාගේ 59 වැනි උපන්දිනය නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර, පසුගිය වසර 2ක කාලය තුළ සිර දඬුවම් විඳිමින් සිටි රාමනායක මහතා සිරගතව සිටි දෙවැනි උපන්දිනය මෙය වෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායක මහතා නිදහස් කිරීමට ජනාධිපති සමාව ලබා දෙන ලෙස විපක්ෂය විසින් කරන ලද ඉල්ලීම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.


No comments:

Post a Comment

Post Bottom Ad