රටේම ජනතාව පෝලිම්වල දුක් විඳිද්දී විශාල මුදලක් වැය කර පාර්ලිමේන්තුවේ පිරිත් පිංකමක් තියන්න යයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 24, 2022

රටේම ජනතාව පෝලිම්වල දුක් විඳිද්දී විශාල මුදලක් වැය කර පාර්ලිමේන්තුවේ පිරිත් පිංකමක් තියන්න යයි!

විශාල මුදලක් වැය කර පාර්ලිමේන්තුවේ පිරිත් පින්කමක් ළඟදීම පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන යන බවත්, රටේ ජනතාව දින තුන්සිය හැට පහේම පාර්ලිමේන්තුවට දෙස් තියන වෙලාවක මෙලෙස මුදල් නාස්ති කිරීම ශාපයක් වනු ඇති බවත්   සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය.

පිරිතක් පවත්වා මේ රටේ පෝලිම්  ප්‍රශ්නයට විසඳුම් දිය හැකි දැයි තමා ප්‍රශ්න කරන බවද  ඔහු කීවේය.

විජේසිරි මහතා මෙසේ පැවසූවේ  සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

රටේ ආර්ථික තත්වය ගැන සිතා එම පින්කම වහා නතර කරන්නැයි  මන්ත්‍රීවරයා මෙහිදී මුලසුනෙන් ඉල්ලා සිටියේය.



No comments:

Post a Comment

Post Bottom Ad