පාරිභෝගිකයා මුලා කළ darazට නඩු! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 25, 2022

පාරිභෝගිකයා මුලා කළ darazට නඩු!

2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනත ට අනුව සියලු විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවියේදී අවම මාස 6කට නොඅඩු වගකීම් කාලසීමාවක් ලබාදිය යුතුය.

නමුත් මෙම නීති රීති උල්ලංඝනය කරමින් ලංකාවේ ප්‍රමුඛ සහ ප්‍රසිද්ධ ඔන්ලයින් සමාගමක් වන daraz ආයතනය විසින් වගකීම් කාලසීමාවක් ලබා දීමකින් තොරව සහ මාස හයකට අඩු කාලසීමාවක් සඳහා වගකීම් ලබාදෙමින් විවිධ විදුලි උපකරණ අලෙවි කරනු ලැබ ඇත.

මේ පිළිබඳව ක්‍රියාත්මක වූ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි වැටලීම් ඒකකය මාර්තු මස 23 වන අද දින daraz සමාගමට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු සිදුකොට ඇති අතර ඉදිරියේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධව නඩු පැවරීමට නියමිතව ඇත.

මෙවැනි විමර්ශන දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වැඩිදුරටත් වාර්තා වේ.

– විපුල ඒකනායක
-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad