ආණ්ඩුවට කඩේ යන්න ගිය ආරියවතීට හූ කියල පන්නලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 28, 2022

ආණ්ඩුවට කඩේ යන්න ගිය ආරියවතීට හූ කියල පන්නලා!

‘ජාත්‍යන්තර කාන්තා දිනය’ වෙනුවෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ නැඟෙනහිර පළාත් සභා කාන්තා සම්මේලනය විසින් සංවිධානය කරන ලද වැඩසටහනකට ඊයේ (28) සහභාගි වූ හිටපු පළාත් සභා අමාත්‍ය ආරියවතී ගලප්පත්ති මහත්මියට රැස්ව සිටි ජනතාව දැඩි විරෝධයක් දක්වා අප්‍රසාදය පළ කළහ.

එම වැඩසටහනේ න්‍යාය පත්‍රයට පිටින් යමින් බලහත්කාරයෙන් රැස්ව සිටි ජනතාව ඇමතීමට ආරියවතී ගලප්පත්ති මහත්මිය උත්සාහ කළ අවස්ථාවක ඒ කෙරෙහි විරෝධය දැක්වූ ජනතාව ‘හූ’ හඬ නඟමින් සභාවෙන් පිටව යන ලෙස ඇයට දන්වා සිටියහ.

හිටපු පළාත් සභා අමාත්‍යවරිය එම සභාවට පැමිණ වත්මන් අර්බුදවලට පවතින ආණ්ඩුව වගකිවයුතු නැති බැවින් එය විවේචනය නොකළ යුතු බව ප්‍රකාශ කිරීමත් සමඟ මෙම විරෝධය එල්ල විය.

මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රැස්වීම සංවිධානය කළ ජාතික ධීවර සහයෝගිතාවේ ප්‍රකාශිකා ලව්නා හසන්ති පැවැසුවේ දේශපාලනයේ නියුතු කාන්තාවක් පැමිණ සිය වැඩසටහන සම්පූර්ණයෙන් කඩාකප්පල් කර දැමීමට උත්සාහ කළ බවයි.

මූලාශ්‍රය - මව්බිම


No comments:

Post a Comment

Post Bottom Ad