විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් සිය අමාත්‍ය ධුරයන්වලින් ඉවත් කිරීමට මූලික හේතුව වූයේ ඔවුන්ට ලබාදුන් අමාත්‍යාංශවල නියමිත පරිදි කටයුතු නොකරමින් වෙනත් චෝදනා කරමින් සිටීම බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම අමාත්‍යාංශ වලට අනෙක් අමාත්‍යංශවලට වඩා මුදල් ලබා දුන් බවද හෙතෙම පැවසීය. එසේ තිබිය දී අවස්ථා කිහිපයකදීම ඔවුන් කැබිනට් සාමුහිකත්වය කඩ කරමින් කටයුතු කර කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා දක්ෂයන් යනු කාපට් මාර්ගයක වාහන පදවන්නන් නොව වල ගොඩලි පිරි මාර්ගවල වාහන ධාවනය කරන්නන් බව ද සඳහන් කළේය.
ඔවුනට බාර උන් අමාත්‍යාංශවල කටයුතු නිසියාකාරයෙන් සිදු වන ආකාරයක් නොවන බව නිරීක්ෂණය කිරීමෙන් පසු ඔවුන්ගේ අදක්‍ෂ බව පෙන්නුම් කරමින් සිටි නිසා අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට කටයුතු කළ බවද හෙතෙම තව දුරටත් පැවසීය.
No comments:
Post a Comment