ඩීසල් නෑ… අදයි හෙටයි නිකරුනේ පෝලිම්වල රස්තියාදු වෙන්න එපා… සිපෙටිකෝ ජනතාවට කියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 29, 2022

ඩීසල් නෑ… අදයි හෙටයි නිකරුනේ පෝලිම්වල රස්තියාදු වෙන්න එපා… සිපෙටිකෝ ජනතාවට කියයි!

අද (30) සහ හෙට (31) දෙදින තුළ රට තුළ ඩීසල් නොමැති බැවින් ජනතාවට නිකරුණේ පෝලිම්වල රස්තියාදු නොවන ලෙස ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉල්ලා සිටී.

විනිමය ගැටලුවක් හේතුවෙන් ඊයේ (29) ගොඩබෑමට තිබූ ඩීසල් නැවක් ගොඩබාගත නොහැකි වීම නිසා මෙම තත්වය උද්ගත වූ බවත්, එම නැවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් තිස් හත් දහස් පන්සියයක් ( 37500) ගොඩබෑමට නියමිතව තිබූ බවත් සංස්ථාව දන්වා සිටී.

අනිද්දා වනවිට මේ ගැටලුව නිරාකරණය වනු ඇතැයි සංස්ථාව විශ්වාසය පලකරයි. කෙසේ වෙතත් ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කීවේ අත්‍යාවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ඩීසල් සැපයුම අඛණ්ඩව සිදුවන බවය.

ඩීසල් සඳහා මේ ගැටලුව පැන නැගුණ ද පෙට්‍රල් සැපයුම කිසිම අඩුවකින් තොරව අඛණ්ඩව සිදුවන බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව කියයි.


No comments:

Post a Comment

Post Bottom Ad