පන්සලේ අපි කෙසේ හෝ රැකෙන්නම් … ඔබ ඔබේ දරුවා පෝෂණය කරන්න! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 21, 2022

පන්සලේ අපි කෙසේ හෝ රැකෙන්නම් … ඔබ ඔබේ දරුවා පෝෂණය කරන්න!

කල්පිටිය ශ්‍රී අන්තර් සමුද්ධ පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නා හිමියෝ අතිශය සංවේදී සටහනක් තබමින් සිය දායක පිරිස අමතති.

මහා දුර්ග අවස්ථාවක භික්ෂුවකගේ භූමිකාව කුමක් දැයි මේ තරම් කදිමට රූපණය වූ අවස්ථාවක් නොමැති බැවින් දැන්වීම මෙසේ පල කර සිටිමු.

එහි තවත් අරමුණක් තිබේ. ඒ මෙවැනි සමාජ දෘෂ්ටියක් සහිත යතිවරු තවමත් අප අතර ජීවමාන බව මේ සමාජයට දැනුම් දීම වෙනුවෙනි.

මාගේ සියලු දායක පිරිස් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි

මේ මොහොතවනවිට ඔබ ඉතා අසීරුවෙන් ජීවත්වන බව මම දනිමි. දැන් නැවත පාන් මිල බස් ගාස්තු හා බෙහෙත් මිලද ඉහළ ගොස් ඇත.

ඒ නිසා සාංඝික දාන හා පේරු දාන පිරිනැමිමේදි ඔබගෙන් කාරුණික ඉල්ලිමක් කරමි.

*පිරිකර ලෙස ඔබ පන්සලට පුජාකරන්න හදන පිටි පැකට් එක ඔබේ දරුවන්ට දෙන්න


*සාංඝික දානයකදි වෑංජන වර්ග දෙකකට වඩා එපා. පන්සලට ගේන පේරු දානෙට එක වෑංජනයක් ප්‍රමාණවත්.(කිරි හොද්දක් වුවත් ඇති)

*කිසිම පලතුරක් මිලදි අරන් අරන් එන්න එපා.(වත්තේ තිබේනම් පේර ගෙඩියක් වෙරළු ගෙඩියක් ගෙනාවත් ඇති)

*ඔබේ දරුවන්ට අදින්නවත් නැති වෙලාවේ අපට අලුතින් සිවුරු ⁣මිලදි ගන්න එපා. අටපිරිකර පවා මිලදි අරන් පුජාකරන්න එපා.

*දානයට කැවිලි වර්ග ගෙන්න එපා.

*ඔබේ දානය පිරිනැමිමේදි වැදගත් වන්නේ එහි අඩංගු පලතුරු කැවිලි පෙවිලි වර්ග හෝ පිරිකර නොව සිතේ පිරිසිදුකමය.

*මේ අසිරු මොහොතේ පන්සලේ අපි කෙසේ හෝ ජිවත් වෙන්නම්. ඔබ ඔබේ දරුවන්ට හැකි අයුරින් කෑම බීම ටික දෙන්න.

*එසේත් කළ නොහැකි අය සිටිනම් දානය වේලාවට පන්සලට එන්නේනම් වළදන්න ගත්ත බත් පිඬ හෝ ඔබට දෙන්නට මමත් මගේ පොඩි හාමුදුරුවෝත් සුදානම්…

*මේ තත්වයෙන් මිදුනු දිනෙක අපි සාරවත් ලෙස දාන දෙමු

සැමට තෙරුවන් සරණයි.
කල්පිටිය ශ්‍රී අන්තර් සමුද්ධ පිරිවෙනේ පරිවේනාධිපති
ශාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි..


No comments:

Post a Comment

Post Bottom Ad