ජනතාව ගහයි කියල බියට පාර්ලිමේන්තු බස්වල බෝඩ් ගලවලා දුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 21, 2022

ජනතාව ගහයි කියල බියට පාර්ලිමේන්තු බස්වල බෝඩ් ගලවලා දුවයි

ආර්ථික වශයෙන් දැඩි සේ පීඩාවට පත්ව කුපිත වී සිටින ජනතාව බස් රථවලට පහර දෙතැයි යන සැකය නිසා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන ලංගම බස් රථවල අදාළ නාම පුවරුව ගලවා ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය’ යන පුවරුව ගලවා සාමාන්‍ය පරිදි එම බස් රථ ධාවනය කිරීමට ඒ අනුව කටයුතු යොදා තිබේ.

පාර්ලිමේන්තුවේ ලංගම බස් රථ 9ක් යොදා මේ වනවිට එහි කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබෙන අතර විශේෂයෙන්ම ස්ථාන නවයක සිට එම බස් රථ ධාවනය වීම සිදු කෙරේ.


No comments:

Post a Comment

Post Bottom Ad