පොහොට්ටුවේ 13ක් “හෘදය සාක්ෂියට එකඟ අනාගත තීන්දුවක්“ ගැන ජනපතිට දැනුම් දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 20, 2022

පොහොට්ටුවේ 13ක් “හෘදය සාක්ෂියට එකඟ අනාගත තීන්දුවක්“ ගැන ජනපතිට දැනුම් දෙයි!

රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ද එම තීන්දුවට නොයන්නේ   නම් තමන්ට ද හෘද සාක්ෂිය අනුව තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇතැයි ද  ආණ්ඩුවේ   මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

නව අගමැතිවරයකු යටතේ ,සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසද එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන වසන්ත යාපා බණ්ඩාර, උදේනි කිරිදිගොඩ , කුමාරසිරි රත්නායක,කේ පී එස් කුමාරසිරි ,රාජිකා වික්‍රමසිංහ, අකිල එල්ලාවල, ලලිත් එල්ලාවල , අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, සුදත් මංජුල  ඇතුළු මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු මෙම ලිපියට අත්සන් තබා ඇතැයි දැනගන්නට ඇත.

එම මන්ත්‍රී  කණ්ඩායම ජනාධිපතිවරයා කොටුව ජනාධිපති මන්දිරයේදී පෙරේදා (19) හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අදාල ලිපිය බාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකාදීප –


No comments:

Post a Comment

Post Bottom Ad