විමල් , ගම්මන්පිල ඇතුළු 16ක් හෙට ස්වාධීන වීමේ සූදානමක! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 3, 2022

විමල් , ගම්මන්පිල ඇතුළු 16ක් හෙට ස්වාධීන වීමේ සූදානමක!

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇතුළු හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස හෙට (05)වෙනම අසුන් ගනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කර තිබෙනවා.

ඇමති වාසුදේව නානයක්කාර ද ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම අසුන් ගනු ඇති බවයි එම වාර්තා පවසන්නේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමති ධුරවලින් ඉවත් කරනු ලැබුවද තවමත් ආණ්ඩු පක්ෂයේ කටයුතු කරමින් සිටිනවා.

විමල් වීරවංශ ,උදය ගම්මන්පිල  පාර්ලිමේන්තුවේදී හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් කර ස්වාධීන වීමට නියමිත බව සදහන්.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද අනිද්දා (06)පාර්ලිමේන්තුවේදී ස්වාධීන වීමට නියමිතව බව ආරංචි මාර්ග සදහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad