ගෝල්ෆේස් විරෝධතාකරුවෝ පොහොට්ටු ලොක්කෙකුගේ රථයක් හඹා ගොස් පහර දෙති! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 13, 2022

ගෝල්ෆේස් විරෝධතාකරුවෝ පොහොට්ටු ලොක්කෙකුගේ රථයක් හඹා ගොස් පහර දෙති!

කොළඹ ගාළු මුවදොර විරෝධතා සිදුකරන විරෝධතාකරුවන් විසින් තම මෝටර් රථය ලුහුබැඳ මෝටර් රථයට පහරදුන් බව ලේක් හවුස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කරයි.

සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ඊයේ රාත්‍රී 12 ට පමණ තමන් පෞද්ගලික මෝටර් රථයෙන් කොල්ලුපිටියේ සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටියදී මෙම සිදුවීම සිදු වූ බවයි.

මෝටර් රථයට පහර දීමෙන් අනතුරුව එය පෙරළා දැමීමට ද ඔවුන් උත්සාහ කළ බව ඔහු විසින් තැබූ සටහනේ දැක්වෙයි.

-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad