මහින්ද ගෝල්ෆේස් අරගලකරුවන් එක්ක සාකච්ජාවකට සූදානම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 12, 2022

මහින්ද ගෝල්ෆේස් අරගලකරුවන් එක්ක සාකච්ජාවකට සූදානම්!

ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත තරුණ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සකච්ඡා කිරීමට ඉන් අපේක්ෂිත බව ය.

සාකච්ඡා සඳහා විරෝධතාවයේ නිරත පිරස සූදානම් නම්, තමන් ඒ සඳහා එම පිරිසේ නියෝජිතයින්ට ආරාධනා කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ යැයි අදාළ නිවේදනයේ වැඩිදුරට ත් දැක්වේ.  

මේ අතර, ජනාධිපතිවරයා ඉල්ලා අස් විය යුතු බවට සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරමින් පස්වන දිනට ත් ගාලු මුවදොර විරෝධතා ක්‍රියාත්මක ය.  

අප්‍රේල් 9 වන දා මෙම විරෝධතාව ආරම්භ කෙරිණි.

මෙම විරෝධතාවට කලාකරුවන්, වෘත්තිකයින්, විශ්වවිද්‍යාල සිසුන්, පූජ්‍ය පක්ෂය, සිවිල් සංවිධාන ඇතුළු මහජනතාව විශාල පිරිසක් එක්ව සිටිති.

මේ අතර ජන අරගලයේ නිරත වන පිරිසට සහය දැක්වීම සඳහා ඊයේ (අප්‍රේල් 12) දිනයේදී ආචාර්ය නන්දා මාලනී මහත්මිය, මහාචාර්ය සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ මහතා ඇතුළු ප්‍රවීණ කලාකරුවෝ පිරිසක් පැමිණියහ.


No comments:

Post a Comment

Post Bottom Ad