රැප් ගායක ෂිරාස් ගෝල්ෆේස් විරෝධතා භූමියේ දී ඇද වැටී මිය යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 12, 2022

රැප් ගායක ෂිරාස් ගෝල්ෆේස් විරෝධතා භූමියේ දී ඇද වැටී මිය යයි

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මිලියනයේ විරෝධතාවය අතරතුර දී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ. ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී ඇති අතර ගිලන් රථයකින් ගෙන ගොස් ඇත.

නමුත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ රැප් ගායකයකු වන ෂිරාස් යූනස් නමැති අයෙකි.

විරෝධතාවය මේ වන විට සිව්වන දිනටත් පැවැත්වෙයි.

විරෝධතාකරුවන් තාවකාලික කූඩාරම් අටවාගෙන ගාළු මුවදොර පිටියේ රැඳී සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad