අදත් ඇමැතිවරු 10ක් දිවුරති... තවත් 04ට දොර හැර තබයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 22, 2022

අදත් ඇමැතිවරු 10ක් දිවුරති... තවත් 04ට දොර හැර තබයි!

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (23) උදෑසන දිවුරුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන මහින්ද අමරවීර, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් ද, මීට පෙර කැබිනට් මණ්ඩලයේ සිටි පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකු ද අද දිවුරුම් දෙන ඇමතිවරුන් පිරිසට ඇතුළත් වනු ඇතැයි දැන ගන්නට තිබේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා හැරුණු විට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් නව දෙනකු මේ වන විට දිවුරුම් දී ඇති අතර, අද මෙම දස දෙනා ද දිවුරුම් දුන් පසු සමස්ත ඇමැති මණ්ඩලය 21කි.

ඇමති මණ්ඩලය 25 දෙනකුට පමණ සීමා වනු ඇතැයි දැනගන්නට ඇතිි අතර ඒ අනුව තවත් හතර දෙනෙකුට පමණ ඉඩ ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad