ඇත්තටම මුන්ට ලැජ්ජා නැද්ද? තමිල්නාඩුවේ මිනිස්සුන්ගෙන් එකතු කරලා ලංකාවට එව්ව නැවේ බඩු බාරගන්න! සූට්බූට් ගහලා කැබිනට් ඇමැතිලා දෙකයි හිටපු කැබිනට් දෙකයි වෙන්න ඇමැති සෙන්දිල් තොණ්ඩමනුයි වරායට ගිහින්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 22, 2022

ඇත්තටම මුන්ට ලැජ්ජා නැද්ද? තමිල්නාඩුවේ මිනිස්සුන්ගෙන් එකතු කරලා ලංකාවට එව්ව නැවේ බඩු බාරගන්න! සූට්බූට් ගහලා කැබිනට් ඇමැතිලා දෙකයි හිටපු කැබිනට් දෙකයි වෙන්න ඇමැති සෙන්දිල් තොණ්ඩමනුයි වරායට ගිහින්! (VIDEO)

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහන සැළසීම සඳහා ඉන්දියාවෙන් යොමු කළ රුපියල් කෝටි 200 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ (22) භාරදුන්නේය.

කිරිපිටි, සහල් සහ ජීවිතාරක්‍ෂක ඖෂධ තොගයක් මෙම මානුෂික ආධාරයට ඇතුළත්ව ඇති අතර තාමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතාගේ මැදිහත්වීමෙන් මෙම භාණ්ඩ තොගය යොමුකර තිබේ.

තමිල්නාඩුවේ ජනතාවගෙන් එකතු කරන ලද මෙම ද්‍රව්‍ය තොගය බාරගැනීමට අමාත්‍යවරුන් වන ජී එල් පීරිස්, නිමල් සිරිපාල, හිටපු ඇමැතිවරුන් වන වජිර අබේවර්ධන, සාගල රත්නායක සහ සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරු එක්ව සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad