ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 22, 2022

ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා!

පැය 15ක විදුලිය කප්පාදු කිරීමක් සිදු නොවන බවත් විදුලි කප්පාදුව සිදු නොවන බවට පවසන ප්‍රකාශ ගණන් නොගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන උපයේගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක පවසනවා.

“දේශපාලන අධිකාරිය විසින් පදනම් විරහිතව එක එක ප්‍රකාශ නිකුත් කරනවා. එක දේශපාලන අධිකාරියක් මීට දින කිහිපයකට කලින් කිව්වා අපිට පැය 15ක විතර විදුලි කප්පාදුවකට යන්න වෙයි කියලා. අපි දැක්කා ඊයේ කියනවා, ඇමති කංචන විජේසේකර ජුනි 01 දා සිට විදුලිය කප්පාදුව නැති කරනවා කියලා.මීට මාස දෙකකට කලින් ඇමතිවරයෙක් කිව්වා ලබන 05 දා සිට විදුලිය කප්පාදු කරන්නේ නෑ.

දේශපාලන අධිකාරිය දැන් දැන් එක එක කථා කියනවා කොහොම වුණත් මේ දේශපාලන අධිකාරිය කරන කථා දැන් මහජනතාව ගණන් ගන්නේ නෑ.අපි තමයි ඉන්නේ රජයට විදුලිය ගැන උපදෙස් දෙන්න. අපි වගේ ආයතනවලින් අහන්නේ බලන්නෙ නැතිව හිතාමතා කථා කියනවා. අපි රජයට සැලැස්මක් දීලා තියෙනවා කොහොමද ලබන දෙසැම්බර් මාසය දක්වා කොහොමද විදුලි කප්පාදුව අඩුවෙන් කරන්නේ කියලා.මේ ගැන දේශපාලන අධිකාරිය ඉදිරියේදී අවධානය යොමුකරලා සත්‍ය හා සාධාරණ ප්‍රකාශ කරයි කියලා හිතනවා. පැය 15ක් විදුලිය කපනවා කියන එකත් පදනම් විරහිතයි. විදුලිය නොකපා ඉන්නවා කියන එකත් පදනම් විරහිතයි. මේ පිළිබඳව මහජනතාව විශේෂ තැකීමක් කළ යුතු නෑ“යැයි මහජන උපයේගීතා කොමිෂමේ සභාපතිවරයා පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad