තමන් මේ ආණ්ඩුවේ කිසිම ඇමැතිකමක් නොගන්නා බව ස්වාධීන කණ්ඩායමේ අනුර ප්‍රියදර්ශන යාපා සදහන් කරයි.
ඊයේ (20) පත් වීමට නියමිතව සිටි ඇමැති ලැයිස්තුවේ ඔහුගේ නම ද තිබිණි. කෙසේ වුව ද ජනාධිපතිවරයා අනුර ප්‍රියදර්ශන යාපාට කැබිනට් ඇමැති ධූරයක් නොව මුදල් රාජ්‍ය ඇමැති ධූරය ලබා දීමට තීන්දු කර තිබේ.
අවසන් මොහොතේ ජනාධිපතිවරයා ගත් මෙම තීන්දුව නිසා මන්ත්‍රීවරයා දැඩි ලෙස කෝපයට පත්ව ඇති අතර අනතුරුව කිසිදු ඇමැති ධූරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
No comments:
Post a Comment