සජබෙ සහෝදර මන්ත්‍රීවරුනි... තනතුරු වරදාන වරප්‍රසාදවලට යටවී ආත්මය පාවා නොදෙන්න... රාජපක්ෂලාගේ අතකොළු නොවන්න - රට බේරාගත් වීරයාගෙන් විපක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ නිවේදනයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 15, 2022

සජබෙ සහෝදර මන්ත්‍රීවරුනි... තනතුරු වරදාන වරප්‍රසාදවලට යටවී ආත්මය පාවා නොදෙන්න... රාජපක්ෂලාගේ අතකොළු නොවන්න - රට බේරාගත් වීරයාගෙන් විපක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ නිවේදනයක්!

තනතුරු වරදාන වරප්‍රසාදවලට යටවී ආත්මය පාවා නොදෙන ලෙසත්, රාජපක්ෂලාගේ අතකොළු නොවන ලෙසත් රට බේරාගත් වීරයා වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

“වර්තමානයේ රට තුල නිර්මාණය වෙමින් පවතින ව්‍යාකූල විකෘති සහගත දේශපාලන පරිසරය පිලිබදව මාගේ දැඩි අවධානය යොමු වී ඇත. දුර්වල රාජ්‍ය කලමනාකරණය නිසා සමස්ත ශ්‍රීලාංකීය පුරවැසි ජනතාවටම මුහුණ දීමට සිදුවී ඇති ආර්ථික අර්බුදයත්, දේශපාලන අරාජිකත්වය හරහා මුහුණ දීමට සිදුවී ඇති දේශපාලන හා සමාජ අර්බුදයත් පිලිබදව මා ඉතා දැඩි ලෙස කම්පා වෙමි.

* පීඩිත ජනතාව වීදි බසිමින් සාමකාමී අවිහිංසාවාදී ජනතා අරගලයක් හරහා ඉල්ලා සිටින පවතින දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම.

* වංචා දූශණ වලට සම්බන්ධ වූවන්ට නීත්‍යානුකූලව දඬුවම් කිරීම.

* සොරා කෑ ධනය යළි ලබා ගැනීම ආදී මූලික කරුනු පිලිබදව මා දැඩිව අවධානය යොමු කරන්නේ ඒ පිලිබදව දිවිහිමියෙන් සූදානම් බවට යළි යළිත් ජනතාවට ප්‍රකාශ කරමිනි.

මේ මොහොතේ රටත් ජනතාවත් වෙනුවෙන් අභියෝග භාරගෙන කටයුතු කළ යුතු බව මගේ අදහසයි.

එහෙත් තවදුරටත් රාජපක්ශ ඉත්තන් හා හෙන්චයියන් හරහා පවත්වාගෙන යන ‘රාජපක්ශ පාලනයක් තුල ඉහත අරමුණු සාක්ශාත් කරගැනීම සිහිනයක්ම පමනක්’ බව මගේ විශ්වාසයයි.

එවන් තත්වයක් හමුවේ කිසි විටෙකත් රාජපක්ශ ආණ්ඩුවක තනතුරු හා වගකීම් භාරගැනීමට මම කටයුතු නොකරන බව යළි යළිත් ජනතාවට අවධාරණය කරනු කැමැත්තෙමි.

මාගේ හෘදසාක්ශියට එකඟව ජනතාව මගෙන් බලාපොරොත්තු වන සේවය ඉටුකළ හැකි පරිසරයක ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට මම නොපැකිලෙන බවද යළි යළිත් අවධාරණය කරමි.

සමඟි ජන බලවේගයේ සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටින්නේද තනතුරු වරදාන වරප්‍රසාද වලට ලොල්වී තම ආත්මයන් පාවාදී පවතින රාජපක්ශ රජයේ අතකොලු බවට පත් නොවන ලෙසයි.

රට වෙනුවෙන් ශක්තිමත්ව නැගී සිටීමට එකාවන්ව එකට එක්වී තවදුරටත් අපි සැවොම කටයුතු කළ යුතු බව මගේ අදහසයි.

– ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා


No comments:

Post a Comment

Post Bottom Ad