ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සහ හරීන් නැවතත් පැටලෙයි..! ෆොන්සේකා, ඩයනා ගමගේ ගෙ වාහනේ ජනපති හමුවෙන්න ගිහින් – මන්ත්‍රී කණ්ඩායමේදී හරීන්ගෙන් ප්‍රහාරයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 15, 2022

ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සහ හරීන් නැවතත් පැටලෙයි..! ෆොන්සේකා, ඩයනා ගමගේ ගෙ වාහනේ ජනපති හමුවෙන්න ගිහින් – මන්ත්‍රී කණ්ඩායමේදී හරීන්ගෙන් ප්‍රහාරයක්!

සමගි ජනබලවේගයේ සභාපතිවරයාවන පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා  පසුගිය දිනෙක ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ බවත් එලෙස හමුවූයේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කිරීමටත් බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී හෙළිවී තිබේ.

එහිදී ජනාධිතිවරයා සමග අතීත විස්තර සමඟ දිගු වේලාවක් මේ පිළිබඳව කතා කළ නමුත් වෙනත් දේශපාලනමය කාරණා එහිදී කතා නොකළ බව සරත් ෆොන්සේකා පවසා ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා  මේ බව ප්‍රකාශ කළේ එම කණ්ඩායම් රැස්වීමේදි මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු  මේ පිළිබඳව සිදු කරන ලද චෝදනාවට පිළිතුරු දෙමිනි. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා එහිදි සඳහන් කොට තිබුණේ සමගි ජන බලවේගයේ සභාපතිවරයා තම පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ ඩයනා ගමගේ ගේ වාහනයෙන් ජනාධිපතිවරයා හමුවීමට ගිය බවය.  එම චෝදනාවට   පිළිතුරු දීමට සරත් ෆොන්සේකා  ද නොපැකිළව ඉදිරිපත්ව තිබේ.

මීට පෙරද හරීන් ප්‍රනාන්දු සහ සරත් ෆොන්සේකා අතර පසුගිය මැයි රැළියේදීද ගැයුමක් ඇතිවියි. ඒ එම රැළියේ කතික ලැයිස්තුවේ ඇති වු ගැටළුවක් මුල්කරගෙනය.

කෙසේ වුවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අගමැති ධුරය සමඟ රජය භාර ගැනීම ජනාධිපතිවරයා ඉවත් විය යුතුම බවට අවධාරණය කරමින් සිටින අතරේ ඔහු වෙනම දේශපාලන ගනුදෙනුවක් වෙනුවෙන් රහසිගතව ජනාධිපතිවරයා හමුවී කතා බහ කර ඇති බවය.


No comments:

Post a Comment

Post Bottom Ad