කපුට හෙනය වනයක් වන ලකුණු - ප‍්‍රභාකරන්ට නොදෙවෙනි අවසානයක් අත්වේවා - අධිකරණ ඇමති ඇමති පුත් රඛිත රාජපක්ෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 23, 2022

කපුට හෙනය වනයක් වන ලකුණු - ප‍්‍රභාකරන්ට නොදෙවෙනි අවසානයක් අත්වේවා - අධිකරණ ඇමති ඇමති පුත් රඛිත රාජපක්ෂ

කපුට හෙනය වනයක් වන ලකුණු
ප‍්‍රභාකරන්ට නොදෙවෙනි අවසානයක් අත්වේවා අධිකරණ ඇමති පුත් 
 රඛිත රාජපක්ෂ

‘කපුට හෙනය වනයක් වන ලකුණු. ප‍්‍රභාකරන්ට වඩා හෙනයක්. ඌට නොදෙවනි අවසානයක් අත්වේවා’ යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙ පුත්‍ර රඛිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.
මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී තීන්දු කර ඇත්තේ අද දිනයේ එය ඉදිරිපත් නොකරන්න බවටත් නීතිපතිවරයා මගින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සංශෝධනය ගෙන ආ යුතු බවත්ය.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අතර 21වැනි සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.

Lanka C news


No comments:

Post a Comment

Post Bottom Ad