මහින්ද උසාවියට අපහාස කළාද? තීන්දුව දී මාසයයි! තවම කියපු දේ කරලා නෑ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 8, 2022

මහින්ද උසාවියට අපහාස කළාද? තීන්දුව දී මාසයයි! තවම කියපු දේ කරලා නෑ!

අධිකරණ නියෝගයක් ලබා දුන්නද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණ භාරයට භාරදීමට මෙතෙක් ඔවුන් අපොහොසත් වී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය මෙම කරුණු අනාවරණය කළේ සාමකාමී විරෝධතාකරුවන්ට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, රේණුකා පෙරේරා සහ කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම ඇතුළු කිහිප දෙනෙකු මෙතෙක් තම විදේශ ගමන් බලපත්‍ර අධිකරණ භාරයට භාරදීමට අපොහොසත් වී ඇති බව ජිනසේන මෙනවිය අධිකරණයට ප්‍රකාශ කළාය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, රේණුකා පෙරේරා සහ මහින්ද කහඳගම යන මහත්ම මහත්මීන්ගේ විදේශ ගමන් බලපත්‍ර නිවාසවලට ගිනි තැබීමේදී විනාශ වී ඇති බවට රහස් පොලිසියට දන්වා ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය මැයි මස 12 වැනිදා නියෝග කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad