සජබෙන් 06ක්, ශ්‍රීලනිප කණ්ඩායමක් සහ විපක්ෂයේ සුළු පක්ෂ කීපයක් ආණ්ඩුවට එක්වීමට සැරසෙති! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 2, 2022

සජබෙන් 06ක්, ශ්‍රීලනිප කණ්ඩායමක් සහ විපක්ෂයේ සුළු පක්ෂ කීපයක් ආණ්ඩුවට එක්වීමට සැරසෙති!

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර සහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් අද හෝ හෙට ආණ්ඩුවට සම්බන්ධ වීමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි. සමගි ජනබලවේගයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එකතුවන සියලු දෙනාටම නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති ධුර පිරිනැමීමට රජය  එකඟ වී ඇති  බව ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

බොහෝ දුරට සමගි ජන බලවේගයෙන් තවත් මන්ත්‍රීවරුන් හයක් ආණ්ඩුව සමග එක්වීමට නියමිත බව එම දැනගන්නට ඇත.

එමෙන්ම දැනට විපක්ෂයේ  සිටින සුළු පක්ෂ ද ආණ්ඩුව හා එක්වීමේ මූලික එකඟතා සහිතව සාකච්ඡා පවත්වමින් සිටින බව එම ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡා ඊයේ (01) සහ පෙරේදා පැවැත්වී ඇත.  කඩිනමින් මේ සාකච්ඡා නිමා කර රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිධුරවල එම මන්ත්‍රීවරුන් පිහිටුවීමට නියමිතව තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad