අගෝස්තු 09ට පෙර ජනධිපති රනිල් ඉල්ලා අස්විය යුතුයි..- අරගලකරුවෝ දැනුම් දෙති.. - විගස පුවත් - Vigasapuwath

Sunday, July 24, 2022

අගෝස්තු 09ට පෙර ජනධිපති රනිල් ඉල්ලා අස්විය යුතුයි..- අරගලකරුවෝ දැනුම් දෙති..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 09 වැනිදාට කලින් ධුරයෙන් අස් වී ගෙදර යා යුතු බව නිර්පාක්‍ෂික අරගලකරුවෝ කියා සිටිති. එහි නියෝජිත සුසන්ත කොඩිතුවක්කු මහතා කියා සිටින්නේ ජනතාවට අරගලය එපා වී නැති බවත් අරගල බිමෙන් පණිවිඩය එනතෙක් ජනතාවක් බලා සිටින බවත්ය.
නව ජනාධිපතිවරයා පත්ව ඇත්තේ අරගලයෙන් නොව කුමන්ත්‍රණයකින් බවද පවසන ඔහු ජනමතයක් නැති ජනාධිපතිවරයා ජනතාව සමඟ වූ වෛරයෙන් සිටින්නෙක් බවද කියා සිටී.

ඉතා ඉක්මනින් අන්තර්වාර ආණ්ඩුවක් ගෙනැවිත් ඉන් අනතුරුව මැතිවරණයක් පැවැත්විය යුතු බව ද හෙතෙම තවදුරටත් පවසයි.

ඔහු මේ අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *