පාර්ලිමේන්තුව විසිරුවා හැර සැබෑ ජන වරමකට ඉඩ ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
‘ඒ අය ඊට පෙර දවස ප්‍රකාශයක් නිකුත් කරා අපි ලේකම් කාර්යාලය හෙට දවසේ ඉඳන් සවස දෙකට නැවත භාර දෙනවා කියලා. ඒ කිව්වට පස්සේ මේ වගේ සිදුවීම් සිදුවෙලා තියෙනවා. මේ වගේ ක්‍රියාවම නම වෙනිදා කරනකොට රනිල් වික්‍රමසිංහ මහතා එක නිවේදනයයි කිව්වේ මේක හෙළා දකින බවත් තරයේ හෙළා දකින බවත්. අනිත් එක මේ වගේ රජය හැසිරුනොත් මම රජයට දෙන සහය ඉල්ලා අස් කරගන්නවා කියලත් එතුමා කිව්වා. එහෙම නම් එතුමා මේවගේ ඒකට වැඩිය කරනකොට අපිත් හිතලා බලන්න ඕන දැන් මේ රජයට අපේ සහය දෙන්න පුලුවන්ද කියලා. ජනවරම අහිමි වෙච්ච නිසා තමයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ අමාත්‍යතුමා ඇමති මණ්ඩලය ඉල්ලා අස්වුණා. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න හැරලා මැතිවරණයක් තියන්න. අලි සබ්‍රි මහතාව දැන් විදේශ ඇමැති වශයෙන් පත් කරලා තියෙනවා. එතුමාම කියලා තියෙනවා ගොටාභය රාජපක්ෂගේ පෞද්ගලික නීතිඥ මම නඩු 35කින් මම එතුමා වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා කියලා. ඉතින් එයාව ඇයි විදේශ ඇමැති තනතුරට පත් කරේ. ගෝඨාභය රාජපක්ෂ කොයි රටට යන්නටත් මෙතුමාගේ සහාය දෙන්න පුළුවන්. ශ්‍රි ලංකා පොදු ජනපෙරමුණ ආණ්ඩුව ඉල්ලා අස් වෙන්න ඕන. ජනාධිපතිතුමාත් ඉල්ලා අස් වෙන්න ඕනේ. පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරලා නව මැතිවරණයක් තියන්නම ඕනේ

No comments:
Post a Comment