ලංකා සතොස නිලධාරීන් මුදල් බෙදා ගත් හැටි! ලොක්කන්ට ලක්ෂයට වැඩි දීමනා දීලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 22, 2022

ලංකා සතොස නිලධාරීන් මුදල් බෙදා ගත් හැටි! ලොක්කන්ට ලක්ෂයට වැඩි දීමනා දීලා!

ලංකා සතොස සමාගම විසින් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව චක්‍රලේඛන වලට පටහැනිව එකි සමාගමේ සේවකයින් සදහා ප්‍රසාද දිමනා වශයෙන් රුපියල් හත්කෝටි හතලිස්හය ලක්ෂඅනුඅටදහස් හැත්තැපහක (74,698,075) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

සමාගමේ සේවකයින් සදහා ගෙවිය යුතු ප්‍රසාද දීමනා මුදල රුපියල් තුන්දහසක් වුවත් භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව  රුපියල් 25,000 බැගින් ගෙවා තිබු බව විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

ප්‍රසාද දිමනා ගෙවිමේ දී රාජ්‍ය ව්‍යපාර චක්‍රලේඛනය අනුව වාර්ෂික මුල්‍ය ප්‍රකාශන වාර්තාව නියමිත දින විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි.

වසරකුත් මාස 06ක් ප්‍රමාද වී වාර්ෂික මුල්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කොට තිබු බවද විගණන කාර්යාලය සඳහන් කරනවා.

එමෙන්ම කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් මෙකී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි, නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරු සදහා ගෙවිය හැකි මාසික දීමනාව පිළිවෙළින් රුපියල් 95000ක්, 90000ක් වශයෙන් අනුමතකර තිබෙනවා.

එහෙත් අධ්‍යපක්ෂක මණ්ඩලයේ අනුමැතිය මත ප්‍රධාන විධායක නිලධාරි සදහා රුපියල් 250,000ක මාසික දිමනාවක්ද  අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියක් හෝ නොමැතිව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරු සදහා රුපියල් 150,000ක මාසික දිමනාවක් ගෙවා තිබෙන බවයි හෙළිදරව් වී තිබෙන්නේ.

නිලධාරින් 07 දෙනෙකු සදහා 2018 වර්ෂයේ දි වැඩිපුර ගෙවා තිබු මුදල රුපියල් 5,100,000 ක්.

2019 වර්ෂය සදහා නිලධාරින් 09 දෙනෙකු වෙනුවෙන් රුපියල් 4,505,163ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව විගණන කාර්යාලය මගින් ලංකාසතොස සමාගම සම්බන්දයෙන් 2019 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන්.

ගාල්ල – ලලිත් චාමින්ද
උපුටා ගැනීම : asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad