මර්දනයක්ද? බය කිරීමක්ද? කැලණි සරසවි සිසුවෙක් පැහැරගෙන ගොස් පැය 3ක් ප්‍රශ්න කරලා! අහලා තියෙන්නේ වසන්ත මුදලිගේ ගැන! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 31, 2022

මර්දනයක්ද? බය කිරීමක්ද? කැලණි සරසවි සිසුවෙක් පැහැරගෙන ගොස් පැය 3ක් ප්‍රශ්න කරලා! අහලා තියෙන්නේ වසන්ත මුදලිගේ ගැන! (VIDEO)

කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් පැහැරගෙන ගොස් පැය 3 කට පමණ පසු මහ මඟ දමා ගොස් ඇතැයි එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරනවා.

මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා කියා සිටින්නේ මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ කණ්ඩායම් නායකයා වන 4 වන වසරේ ශිෂ්‍යයකු බවයි.

ඊයේ පස්වරු 3.00ට පමණ සරසවි භූමියේ දී ම මෙම ශිෂ්‍යයා පැහැරගෙන ගොස් පැය තුනක පමණ කාලයක් පීඩාකාරී ලෙස ඔහුගෙන් ප්‍රශ්න කර මහමග දමා ගොස් ඇති බව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක කියා සිටියා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇතැයි ද සභාපතිවරයා පැවසුවා.

සිදුවීමට විරෝධය පල කරමින් සරසවි සිසුන් විසින් විරෝධතාවක් පැවැත්වූ බවද වාර්තා වෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad