ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් හෙට (09) පවත්වන විරෝධතා ව්‍යාපාරයට ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ සහයෝගය දැක්වීමට තිරණය කර තිබේ.
එම විරෝධතා ව්‍යාපාරයට එක්වන කිසිදු පුද්ගලයෙක් ගල් කැටයක්වත් රැගෙන නොඑන ලෙස අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරයි.
විරෝධතාවයට එක්වන අය අතරින් එක් අයෙක් හෝ ගල් කැටයකින් පහරදීමක්වත් කළහොත් එහි සම්පූර්ණ වාසිය ආණ්ඩුවට ලැබෙන බව ඔහු ප්‍රකාශ කරයි.
ජනතා විමුක්ති පෙරමුණ හා ගෝල්ෆේස් අරගලකරුවන් අතර ඊයේ (07) සාකච්ඡාවකින් පසු මේ බව පැවසූ අනුර කුමාර දිසානායක විරෝධතාවයට එක්වන සියලු දෙනා සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිට විරෝධතාවය දැක්විය යුතු බව අවධාරණය කළේය.
විරෝධතාකරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනු දැකීම ආණ්ඩුවේ මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ අයගේ බලාපොරෝත්තුව බවත්, ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව ඉටු කිරීම වෙනුවෙන් කිසිවෙක් කටයුතු නොකළ යුතු බවත් ඔහු සඳහන් කරයි.
විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන සියලු දෙනාගේම වගකීම විය යුත්තේ එදින සාමකාමී විරෝධතාවයක් පැවැත්වීම වන අතර සහභාගීවන කිසිදු පුද්ගලයෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට යොමු නොකිරීම සියලු සංවිධායකයින්ගේ වගකීම බව ඔහු කියයි
ගෝල්ෆේස් අරගලයේ සාමාජිකයන් හා විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක් ද කොළඹ දී පවත්වා තිබිණි. එහිදී අරගලයට සහයෝගය ලබා දෙන්නට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක එකඟතාවය පල කර තිබේ.
මේ අතර ගෝල්ෆේස් විරෝධතා කරුවන් සහ පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වේ.

No comments:
Post a Comment