අගමැතිධුරයට සජිත්ගේ නම යෝජනා වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 14, 2022

අගමැතිධුරයට සජිත්ගේ නම යෝජනා වෙයි!

සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිධූරය සඳහා සිය පක්ෂවලින් නම් ඉදිරිපත් කර තිබෙනවා.ජනාධිපති ධූරය සඳහා එලෙස පක්ෂවලින් නම් ඉදිරිපත් කර ඇති පසුබිමක් තුළ නව ජනාධිපතිවරයා පත් කර ගැනීම යම් ගැටළු සහගත තත්ත්වයක පවතින්නේ නම් සිය පක්ෂයෙන් ද ජනාධිපතිධූරය සඳහා නමක් යෝජනා කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ. 

ඒ අනුව ජනාධිපතිධූරය සඳහා සිය පක්ෂයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නම යෝජනා කිරීමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු  සඳහන් කළා. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව පාර්ලිමේන්තුවේ බහුතර බලය පවතින බවට පළවන වාර්තා අසත්‍ය බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. 

මේ අතර අද පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී සම්මුතියකට අනුව අග්‍රාමාත්‍යධූරය සඳහා නමක් ඉදිරිපත් කරනු ඇති බවත් සමගි ජන බලවේගය සඳහන් කළා. 

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක සඳහන් කලේ විපක්ෂයේ පක්ෂවල සම්මුතිය අනුව සමගි ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසට අග්‍රාමාත්‍ය තනතුර භාර ගන්නා ලෙසට ඉල්ලීමක් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද දිනයේදී ගැනීමට නියමිත බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad