තරුණයෙකුට ඉන්ධන පිරවුම් හලකදී අමාණුෂිකව පා පහරක් එල්ල කර චණ්ඩි පාට් දැමු හමුදා නිලධාරියාට එරෙහිව මූලික අයිතිවාසිකම් යටතේ නඩු පවරා අවශ්‍ය නීතිමය දඬුවම් අධිකරණයෙන් ලබා දීම සඳහා නීතීඥ මහත්වරුන් ඉදිරිපත් වී තිබේ.
අදාල පුද්ගලයා පිළිබඳ තොරතුරු රැස් කිරීම මේ වනවිට අරඹා ඇති අතර වැඩිදුර විස්තර 075 18 38 48 7 අංකයට දැනුම් දෙන්නැයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම පහරකෑමට ලක් වු තරුණයාට නොබියව ඉදිරියට පැමිණෙන ලෙසද සිවිල් සංවිධාන ඇතුළු නීතීඥ මහත්වරුන් ඉල්ලා සිටී.
මහජනතාවට අත තැබීමට කිසිඳු හමුදා හෝ ආරක්ෂක නිලධාරියෙකුට අවසර නොමැති අතරඑය දඬුවම් ලැබෙන නීති විරෝධී කටයුත්තකි.

No comments:
Post a Comment