ෆීල්ඩ් මාෂල් ගාලු මුවදොර ප්‍රහාරය හෙළා දකී! තද නිවේදනයක් කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 21, 2022

ෆීල්ඩ් මාෂල් ගාලු මුවදොර ප්‍රහාරය හෙළා දකී! තද නිවේදනයක් කරයි!

ගාලු මුවදොර ප්‍රහාරය හෙළා දකිමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනය මෙසේය.

ගාලුමුවදොර අරගල භුමියට එල්ලවූ බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරය තරයේ හෙලා දකිමි.

කිසිදු ජනවරමක් නැති රූකඩ ජනාධිපතිතුමා දිවුරුම් දී පැය 24ක් ඉක්ම යන්නටත් මත්තෙන් ඔහුට සුපුරුදු රාජ්‍ය ත්‍රස්තවාදය ගාලුමුවදොර අරගල භූමිය වෙත මුදා හැර තිබේ.

ජනතාවගේ ඡන්දයෙන් පරාජය වූ කිසිදු ජනවරමක් නොමැති, රාජපක්ශ ජුන්ටාවේ රූකඩය බවට පත්වී සිටින, සමස්ත රටවැසි ජනතාවම ප්‍රතික්ශේප කරන ජනාධිපතිවරයා විසින් අද අළුයම් කාලයේ හමුදාව සහ පොලීසිය යොදවා සිදුකල අමානුශික නින්දිත ම්ලේච්ඡ ප්‍රහාරය සමස්ත රටවැසියන් පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුය.

මැයි මස 9 වෙනිදා සිය ප්‍රාදේශීය මැරයන් යොදා භීෂණය වපුරා මර්ධනය කල නොහැකි වූ අරගලය තුලින් මතු වූ දැඩි ජනතා විරෝධය හමුවේ පලාගිය රාජපක්ශවරුන් රනිල් ලවා සිය භීෂණකාරී දේශපාලනය රාජ්‍ය ත්‍රස්තවාදය ලෙසින් ක්‍රියාවට නංවමින් සිටියි.

ජනතාව සමග එක්ව සිටගන්නා ලෙසත් යුක්තියේ අවි දූශිත පාලකයින් දෙසට යොමුකරන ලෙස‍ත් මම සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් යලි යලිත් ඉල්ලා සිටිමි.

සමස්ත රටවැසි ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබ බලාපොරොත්තු වන කිසිදු වෙනසක් රාජපක්ශ රූකඩ රනිල් වික්‍රමසිංහගෙන් බලාපොරොත්තු නොවන ලෙසත්, ඔහුට සුපුරුදු 88-89 බටලන්ද පන්නයේ භීශණකාරී මර්ධනකාරී ජනතාව පෙළන පාලනයක් පමනක් බලාපොරොත්තු වන ලෙසත් ය.

අරගලයේ සැබෑ ජයග්‍රහනයකින් මෙපිට කිසිදු විසදුමක් නොමති බවත් රටට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවාදී වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවත් ජනතාව දැන්වත් තේරුම් ගත යුතුය.

කිසිදු සහන කාලයක් හෝ විරාමයක් ලබා නොදී දූශිත පාලකයින් පන්නා දැමීමට ජනතාව එක පෙලට එකාවන්ව ඉදිරිපත් විය යුතුය.


No comments:

Post a Comment

Post Bottom Ad