දෙදෙනෙක් අතුරුදහන් … ඔවුන් කොහෙද කියන්න?... නීතිඥවරු පොලිසියෙන් අසති! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 22, 2022

දෙදෙනෙක් අතුරුදහන් … ඔවුන් කොහෙද කියන්න?... නීතිඥවරු පොලිසියෙන් අසති! (VIDEO)

මේ රටේ සියලුම ජනතාව තමන්ගේ අයිතීන් සම්බන්ධව ප්‍රශ්න කරද්දී  ඉදිරියට පැමිණි පිරිස  අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති පරිසරයක නීතිඥවරුන් ලෙස තමන් විසමන දෙයට පිළිතුරු දීමට හැකි එක් නිලධාරියෙක් හෝ නොසිටීම බලවත් ගැටලුවක් බව නීතිඥවරු ගෝල්ෆේස් අරගල භූමියට මැදිහත් වූ හමුදා අංශවලට පැවසූහ.

“ ජනතාවගේ අයිතීන් සහ ජනතාව සමග සෙල්ලම් කරන්න එපා. මේ වැඩේ කරන්න එපා. ඔබේ ඔය නිහැඬියාව අපට ලොකු ප්‍රශ්නයක්. පුද්ගලයින් දෙන්නෙක් අතුරු දහන්… ප්‍රශ්නය එයයි.“

“ඔබ අපට කියන්න. ඒ අය අත්අඩංගුවට ගත්ත ද?. පොලිසියට ඉදිරිපත් කරනව ද?. කරුණා කරලා කියන්න. මෙහෙම නිශ්ශබ්දව ඉන්න එක ඔබට ඔබේ නිල ඇඳුමට කරන අගෞරවයක්. “

නීතිඥවරු දැනුම් දුන්හ.


No comments:

Post a Comment

Post Bottom Ad