ලංකාවේ වත්මන් තත්ත්වය වාර්ථා කරන්න ආපු එක්සත් රාජධානියේ මාධ්‍යවේදි‍යාගේ ශ්‍රී ලංකා සංචාරය ඉන්දියාවේ දී තහනම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 28, 2022

ලංකාවේ වත්මන් තත්ත්වය වාර්ථා කරන්න ආපු එක්සත් රාජධානියේ මාධ්‍යවේදි‍යාගේ ශ්‍රී ලංකා සංචාරය ඉන්දියාවේ දී තහනම් කරයි

එක්සත් රාජධානියේ 'ගාඩියන්' මාධ්‍යවේදී ආකාෂ් හසන්ට ඉකුත් අඟහරුවාදා (26) සවස නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 196 දරන ගුවන් යානයට ගොඩවීම තහනම් කර තිබුණා.

ඒ පිළිබඳව ආකාෂ් හසන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, වතුර පොදක් හෝ නොමැතිව පැය පහක පමණ කාලයක් තමාව ගුවන් තොටුපළේ රඳවා තබා ගත් බවත් අනතුරුව කිසිදු පූර්ව විනිශ්චයකින් තොරව, තමාගේ බෝඩින් පාස්පත ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තමා වෙත ගුවන් බලපත්‍රය හා ලබා දුන් බවයි.

කෙසේ නමුත්, තමාට කොළඹ බලා පිටත්ව යාමට බාධා කරන්නේ මන්දැයි කිසිදු අවස්ථාවක දී ප්‍රකාශ නො කළ බවට චෝදනා කළ හසන්, ඔහුගේ සංචාරයේ පසුබිම සහ අරමුණ පිළිබඳව නිලධාරීන් දෙදෙනෙකු තමාගෙන් ප්‍රශ්න කළ බව ප්‍රකාශ කරන්වා.

කෙසේ නමුත් ගාඩියන් මාධ්‍යවේදී හසන්ගේ මෙම සංචාරයේ අරමුණ වත්මන් ශ්‍රී ලංකාවේ තත්ත්වය වාර්තා කිරීම බවයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad