අරගල නායකයන් මෙතෙක් කලක් රැදී සිටි තරු හෝටලයක කාමර බලහත්කාරයෙන් අල්ලගෙන - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 30, 2022

අරගල නායකයන් මෙතෙක් කලක් රැදී සිටි තරු හෝටලයක කාමර බලහත්කාරයෙන් අල්ලගෙන

අරගල නායකයන් මෙතෙක් කලක් රැදී සිටි තරු හෝටලයක කාමර බලහත්කාරයෙන් අල්ලගෙන

ගාලුමෝදර අරගලයේ ප‍්‍රධානීන් කිහිපදෙනකු කොළඹ තරු හෝටලයක කාමර කිහිපයක් බලාත්කාරයෙන් පරිහරණය කළේ යයි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම චෝදනා එල්ල වන අරගලකරුවන් අරගලය ආරම්භයේ සිටම එම හෝටල් වල රැඳී සිට ඇතැයි ද වාර්තා වේ.
මේ අතර අරගල කරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන් පසුව එහි තිබූ අන්තර්ජාලය සංඥා භාවිතා කර අන්තර්ජාලය ඔස්සේ ඇමතුම් ලබා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඊට අලාභහානි කළ සීයකට අධික ප්‍රමාණයක ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන ඇති අතර ඒවා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරමින් සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad