විරල චෝදනාවකින් පරල වූ නිමල් යළි නිමල වී අද ඇමතිකමේ දිවුරයි? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 1, 2022

විරල චෝදනාවකින් පරල වූ නිමල් යළි නිමල වී අද ඇමතිකමේ දිවුරයි?

හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද සිය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙනවා.

ජපන් සමාගමකින් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා නිසා ඔහු සිය අමාත්‍ය තනතුරෙන් ඉවත් වූවා.ඉන් පසුව එම චෝදනාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායමක් පත් කල අතර එහිදී හෙළිව ඇත්තේ අමාත්‍යවරයා නිර්දෝෂී බවයි.

ඒ අනුව ඔහුට යළිත් අමාත්‍ය තනතුර ලබා දීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජන කර ඇත්තේ.

සාමාන්‍යයෙන් දේශපාලකයින්ට මෙලෙස අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම විරල සිදුවූවක් නොවූවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම නම් කලාතුරකින් සිදුවන සිදුවීමකි.


No comments:

Post a Comment

Post Bottom Ad