ඇමරිකා-ඉන්දියා වුවමනාවට චීන නෞකාවට දොර වැසීම පසුපස බැසිල් රාජපක්‍ෂ…? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 7, 2022

ඇමරිකා-ඉන්දියා වුවමනාවට චීන නෞකාවට දොර වැසීම පසුපස බැසිල් රාජපක්‍ෂ…?

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.
ඉන්දු- පැසිෆික් වුවමනාවට චීනයට දොර වැසීම නොබැඳි පිළිවෙත නොවේ!

ලබන එකොළොස්වැනි දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 සන්නිවේදන නෞකාවට එදින පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. එසේ දැනුම් දී ඇත්තේ එම සන්නිවේදන නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් ලබා ගැනීම පිණිස හම්බන්තොට වරායට පැමිණීම පිණිස ලබාදී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය අනුව ය.

මෙම නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස සලකමින් ඉන්දීය රජය එය හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් දැඩි විරෝධය දැක්වීමත් සමඟ ශ්‍රී ලංකා රජය මෙම තීරණය ගෙන ඇත. ඉන්දු- පැසිෆික් වුවමනාවට චීනයට දොර වැසීම නොබැඳි පිළිවෙත ද ? අප අනුගමනය කළ යුතු වන්නේ නොබැඳි විදේශ පිළිවෙත මිස අනෙකක් නොවේ.

මෙමගින් පෙනී යන්නේ තවමත් පවතින අර්බුදය, පුනරුදයේ මොහොත බවට පත් කර නොගනිමින්, එය ඉන්දු- පැසිෆික් ආධිපත්‍යයට අපේ රට සම්පූර්ණයෙන් යටත් කිරීම සඳහා යොදා ගනිමින් තිබෙන බවය. එසේම අපේ රට ඉන්දු පැසිෆික් මෙහෙයුමේ ගොදුරක් බවට පත් කිරීම පිණිස යුහුසුළුව ක්‍රියාත්මක වූ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ නඩයේ බලපෑමෙන් වත්මන් පාලනය ද මිදී නොමැති බවය.

එවැනි රට වළපල්ලට ඇද දැමූ විනාශකාරී නඩයක බලපෑම්වලට නතු වෙමින් ගන්නා මෙවැනි තීරණ මගින් සිදු වන්නේ අනාදිමත් කාලයක සිට සෑම දුෂ්කර මොහොතකම ශ්‍රී ලංකාවට මිත්‍රත්වයේ හස්තය දිගු කළ කල්‍යාණ මිත්‍රයකු වන චීනය සමඟ ද රාජ්‍යතාන්ත්‍රික ගැටළුවක් පැන නැගීම පමණි.

විමල් වීරවංශ,(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2022-08-07

No comments:

Post a Comment

Post Bottom Ad