අරගලයට වැරදුණා – බලය අල්ලන හැටි උවිඳු විජේවීර හෙළි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 4, 2022

අරගලයට වැරදුණා – බලය අල්ලන හැටි උවිඳු විජේවීර හෙළි කරයි

ලංකාවේ මේ තියෙන 74 වසරක දූෂිත දේශපාලන ධාරාව, බඩගෝස්තරවාදී දේශපාලන ධාරාව ජනතාවට එපා වී ඇති බව උවිඳු විජේවීර මහතා පවසනවා.

ඇඹිලිපිටියේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

අරගලය අවසානයේ දේශපාලන මුහුණුවරක් ගත් බවත් එම නිසා අරගලයට වැරදුනු බවත් ඒ මහතා සඳහන් කළා.

බලය ඇල්ලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් බව ද ඔහු එහිදී කියා සිටියා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ජනතාව අලුත් වෙනසක් හොයනවා. අලුත් දේශපාලන ගමනක් හොයනවා. රටට අලුත් මාවතක් හොයනවා. ඒ අනුව දෙවන පරපුර මීට අවුරුදු ගණනාවකට කලින් සංවිධානයක් නිර්මාණය කරලා මේ රටේ තිබෙන ප්‍රශ්න, මේ රටේ මේ මොහොතේ තිබෙන සමාජ හා දේශපාලන අර්බුධය දැකලා අපි අලුත් දේශපාලන ගමනක් පැමිණ තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ රටට අලුත් දේශපාලන බලවේගයක් අවශ්‍යයි , අලුත් දේශපාලන ගමනක් අවශ්‍යයි කියලා. ඒ ගමන නිර්මාණයකරන්න තමයි අපි මේ උත්සහ කරන්නේ. ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා දැන් මේ රට පාට වලට, පක්ෂවලට බෙදිලා හිටියා ඇති කියලා. රතු පක්ෂයට ජන්ද දීපු අය ඇති. නිල් පක්ෂයට ජන්දය දීපු අය ඇති. කොළ පක්ෂයට ජන්ද දීපු අය ඇති. දැන් අපි පක්ෂ දේශපාලන අත හැරලා රට ගැන හිතලා අලුත් වේදිකාවක, අලුත් තැනක හිටගමු. අපි පක්ෂ භේදයක් නැතුව, දේශපාලන භේදයක් නැතුව රටේ අනාගතය ගැන හිතලා ලාංකීය මාවතක ජාතික වැඩපිළිවෙලකට මේ ජනතාව පෙළගස්වමු. එහෙම නැති වුණොත් අපිට තවත් අවුරුදු 74ක් ඉස්සරහට යනකම් මේ වගේම දුක් විඳ විඳ රටේ ආර්ථිකය, සමාජය, සංස්කෘතිය, අධ්‍යාපනය කියන මේ සියල්ලම බිඳ වට්ටගෙන අපිට දුක් විදිමින් ඉදිරියට කාලය ගත කරන්න පුළුවන්. එහෙම නැතුව අපි පක්ෂ භේදය සහ පාට භේද සියල්ල අමතක කරලා අලුත් දේශපාලන ව්‍යාපාරයක් මේ බිමේ ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.”

ඇඹිලිපිටිය – ප්‍රගීත් ජනක


No comments:

Post a Comment

Post Bottom Ad