හිටපු ඇමැති ජෙරාජ් ඝාතන නඩුවේ තීන්දුව අද! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 31, 2022

හිටපු ඇමැති ජෙරාජ් ඝාතන නඩුවේ තීන්දුව අද!

මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු පිරිස ඝාතනය කළ සිද්ධියට අදාළව ගම්පහ එවකට සිටි සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේ ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට විරුද්ධව ඇති නඩුවේ තීන්දුව ගම්පහ අංක (01) මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා විසින් අද (01) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

2008 වසරේ අප්‍රේල් 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් 84 දෙනකු ඝාතනය කිරීමට තැත් කිරීම, එම ඝාතන කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 31ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු කොටි සාමාජිකයකු වන සෙල්වරාජා තිරුබාකරන් හෙවත් මොරිස්, ගම්පහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේ සහ හිටපු කොටි සාමාජිකයකු වූ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන විත්තිකරුවන් තිදෙනාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

මේ නඩු විභාගයේදී කාසි රත්නම් ප්‍රදීප්, මොහොමඩ් අලි හසන් හන්සර්, එවකට හිටපු ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හෙක්ටර් ධර්මසිරි, එවකට හිටපු ගම්පහ පොලිස් අධිකාරි දිනේෂ් කරුණානායක යන මහත්වරුන් ඇතුළු තවත් පිරිසක් සාක්ෂි දී තිබේ.

මහාධිකරණ විනිසුරුවරුන් රැසක් යටතේ වසර ගණනක් දීර්ඝ ලෙස විභාග වූ මේ නඩුවේ අවසන් තීන්දුව අද (01) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad