අරගලකරුවෝ සටන් වැදීම තෝරාගනිති.. ගාළු මුවදොරින් ඉවත් නොවන බව දැනුම් දෙති.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 4, 2022

අරගලකරුවෝ සටන් වැදීම තෝරාගනිති.. ගාළු මුවදොරින් ඉවත් නොවන බව දැනුම් දෙති..

පොලිසිය විසින් කළ දැනුම් දීම අනුව අද දිනයේ ගාලු මුවදොර පිටියෙන් ඉවත් නොවන බව ගාලුමුවදොර විරෝධතාවේ යෙදී සිටින අරගලරුවෝ කියා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ පොලිසියට එවන් නියෝගයක් නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ඊට එරෙහිව අධිකරණයේ පිහිට පතන බවත්ය.
අද පස්වරු 5 ට පෙර අරගලකරුවන්ට එම ස්ථාන වලින් ඉවත් වන ලෙස පොලිසිය දැනුම් දී තිබිණි.

ගාළු මුවදොර හා අවට ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට සහ වරාය අධිකාරියට අයිති භූමි භාගයක් හෙයින් එම ස්ථානවලින් ඉවත් වන ලෙස පොලිසිය දැනුම් දී තිබේ.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad