මාධ්‍යටත් හොරා රවී කරුණානායක හදිසියේම ගුවනින් මන්නාරමට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 3, 2022

මාධ්‍යටත් හොරා රවී කරුණානායක හදිසියේම ගුවනින් මන්නාරමට!

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණ තිබෙනවා. ඔහු ගමන්ගත් යානය මන්නාරම මහජන ක්‍රීඩාංගනයට ගොඩබා තිබෙන අතර ඉන් පැමිණි රවි කරුණානායක පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් එතනින් නික්ම ගිය බවයි වාර්තා වන්නේ.

ඉන් පැය කිහිපයකට පසුව ආපසු අදාළ පෞද්ගලික හෙලිකොප්ටරයෙන්ම ඔහු මන්නාරමෙන් පිටව ගොස් ඇත්තේ මාධ්‍යයට පවා කිසිවක් නොපවසමින්.

හිටපු අමාත්‍යවරයා මන්නාරමට ගිය හේතුව පිළිබඳව ඔහුගේ පාර්ශවයෙන් කළ විමසීමක දී සමීපතමයෙකු කියා සිටියේ එය පෞද්ගලික ගමනක් පමණක් බවයි.

කෙසේ නමුත් පසුගිය සමයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස් බොහෝ විට පෞද්ගලික හෙලිකොප්ටර් භාවිත කරමින් ඔය හා සමාන ගමන් ගිය බව බොහෝ දෙනා දන්නා කරුණක්.


No comments:

Post a Comment

Post Bottom Ad