චීන තානාපති මල්වතු මහනාහිමි මුණගැහෙන්න මහනුවරට යයි! ඉන්දීය තානාපති යන්න හිටපු මහනුවර ගමන හදිසියේම කැන්සල් කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 27, 2022

චීන තානාපති මල්වතු මහනාහිමි මුණගැහෙන්න මහනුවරට යයි! ඉන්දීය තානාපති යන්න හිටපු මහනුවර ගමන හදිසියේම කැන්සල් කරයි!

චීන තානාපති කී සෙන් හොන්ග් මහතා ඊයේ (27) පස්වරුවේ අස්ගිරි මහා විහාරයට පැමිණ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන ස්වාමින්වහන්සේ බැහැදුටුවා.

අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි චීන තානාපතිවරයා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින්වහන්සේද බැහැදැක ආශීිර්වාද ලබාගත්තා.

මේ අතර ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාද අද දිනයේ මහනුවර සංචාරයක නිරත වීමට නියමිතව තිබුණද එම සංචාරය හදිසියේ අවලංගු කර තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad