බංගලාදේශයට කිසිදා ලංකාව වගේ ඇද වැටෙන්න දෙන්නෑ - අගමැතිනි ෂික් හසීනා ජාතිය අමතමින් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 30, 2022

බංගලාදේශයට කිසිදා ලංකාව වගේ ඇද වැටෙන්න දෙන්නෑ - අගමැතිනි ෂික් හසීනා ජාතිය අමතමින් කියයි

බංගලාදේශයේ ආර්ථිකයට කිසිදිනක ශ්‍රී ලංකාව මෙන් ඇද වැටීමට ඉඩ නොදෙන්නේ යැයි එරට අගමැති ෂික් හසීනා මහත්මිය සඳහන් කරයි.

සියලු අභියෝග ජය ගනිමින් බංග්ලාදේශය සංවර්ධන රටක් කරා යන ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ඇය එරට අගනුවර දී පැවති උත්සවයකදී පැවසුවාය.

“බංග්ලාදේශය කවදාවත් ශ්‍රී ලංකාව වෙන්නේ නැහැ, එහෙම වෙන්නේ නැහැ, ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමට පෙර අපි ප්‍රායෝගික ආකාරයකින් සිතමු. රට සියලු ගෝලීය අභියෝග ජය ගනිමින් ඉදිරියට යනු ඇත.

අපි මුදල් ණයට ගෙන ගිතෙල් කන්නේ නැහැ,එය රට ඕනෑම ණය උගුලකට ගෙන යා හැකියි.බංග්ලාදේශය සියලුම ණය නියමිත වේලාවට ආපසු ගෙවනව“ යයිද හසීනා පැවසුවාය.


No comments:

Post a Comment

Post Bottom Ad