බිල ගෙවන්න සතියක් පමා වුණැයි මන්ත්‍රී වීරසුමනගේ ගෙදර ලයිට් කපලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 29, 2022

බිල ගෙවන්න සතියක් පමා වුණැයි මන්ත්‍රී වීරසුමනගේ ගෙදර ලයිට් කපලා!

ලොකු ලොක්කන් ගෙවීම පැහැර හැර ඇති රුපියල් බිලියන හතරහමාරක විදුලි බිල්පත් ගැන ක්‍රියාමාර්ග නොගෙන තමා ද ඇතුළු පහළ පන්තියේ සාමාන්‍ය මිනිසුන්ගේ බිල්පත් පසුපස යමින් විදුලිබල මණ්ඩලය අසාධාරණ විදුලි කප්පාදුවක නිරත වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි.

මේ රටේ මේ වන විට ගෙවිය යුතු හිඟ විදුලි බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන හතරහමාරක් බවත් එම රුපියල් බිලියන හතරහමාරක විදුලි බිල්පත් සාමාන්‍ය ජනතාවගේ නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ වන විට විදුලි බිල්පත් ගෙවීම් නොකළ තමාගේ නිවසේ විදුලිය ද විදුලිබල මණ්ඩලය මගින් විසන්ධි කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසීය.

හෙතෙම මේ බව පැවැසූයේ ඊයේ (28) මාතර පැවති ජනහමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad