EXCLUSIVE : ගෝඨාට ආණ්ඩුවෙන් ගෙයක් දෙන්න බෑ! අලුත් නීති තර්කයක් එළියට එයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 26, 2022

EXCLUSIVE : ගෝඨාට ආණ්ඩුවෙන් ගෙයක් දෙන්න බෑ! අලුත් නීති තර්කයක් එළියට එයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාපිතව හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන කිසිදු වරප්‍රසාදයක් හිමි නොවන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දී ඇත.

හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ යනු සිය ධුර කාලය අවසන් කොට විශ්‍රාම ගිය ජනාධිපතිවරයකු නොවන බවත්, සේවය අතහැර ගිය ජනාධිපතිවරයකු වීම ඊට හේතුව බවත්ය.

එසේ සේවය හැර ගිය ජනාධිපතිවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වරප්‍රසාද කිසිවක් හිමි නොවන බව හිටපු අගවිනිසුරුවරයාගේ මතය වී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් හිමිවන නිල නිවාස ඇතුළු වරප්‍රසාද කිසිවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි නොවන බව සරත් එන්. සිල්වා මහතාගේ ස්ථාවරයය.

පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර පැවැති දුරකතන සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයාට මේ බව දැනුම්දී ඇති බවද දැනගන්නට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad