එකම ජෝෂප් ස්ටාලින් සහ දෙවිදියක රනිල් හෙවත් පා.ම. රනිල්ට එදිරිව වි.ජ. රනිල් ! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 4, 2022

එකම ජෝෂප් ස්ටාලින් සහ දෙවිදියක රනිල් හෙවත් පා.ම. රනිල්ට එදිරිව වි.ජ. රනිල් ! (VIDEO)

2021 වසරේ ජුලි 08 වනදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු 33 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අතර අධිකරණය ඔවුන්ව ඇප මත නිදහස් කළ නමුත් පොලිසිය මැදිහත්ව ස්ටාලින් ඇතුළු 16 දෙනෙකුව බලහත්කාරයෙන් මුලතිව් ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යවන ලදී.

ඊට පසුදින, එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ ජෝෂප් ස්ටාලින් යනු යුරෝපා සංගමයත් දන්නා වෘත්තීය සමිති නායකයකු බවත් ඔහුව සිරගත කිරීමෙන් GSP+ සහනය පවා රටට නොලැබී යාමට ඉඩ ඇති බවත් ය.

“මුදල් අමාත්‍යාංශය යටතේ මේ අවස්ථාවේදී මම බැලුවේ අපට ජීඑස්පී ප්ලස් තත්වයත් දැනුම් දෙනවාද කියලා. මොකද විශේෂයෙන්ම ඒ අනතුරු හැඟවීමෙන් පස්සෙ එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීමෙන් යම්කිසි පාලනයක් ඇතිවෙලා තියෙනවා. ඒත් ඊයෙ (2021.07.08) ඇතිවෙච්ච සිද්ධියේදී අපේ වෘත්තීය සමිති නායකයෙක් වන ජෝෂප් ස්ටැලින් යුරෝපීය සංගමය දන්න පුද්ගලයෙක්. 2016 මම මේ ගැන සාකච්ඡා කරන්න යද්දී එතුමාත්, අපේ වෙළඳ කලාපයේ සංගමයේ අයත් ඔක්කොම එක්ක කතා කළා. දැන් මෙතන ඇත්ත වශයෙන්ම යුරෝපා සංගමයෙන්, ජාත්‍යන්තර කම්කරු සංගමයෙන් මේක සිදුවෙන්න යනවා. මොකද මෙතන කිසිම නීතියක් නෑ. ඉතින් මම කැමතියි අහන්න විශේෂයෙන්ම මුදල් ඇමතිතුමාට මේ පිළිබඳ වෘත්තීය සමිති එක්ක විගහට සාකච්ඡා කරලා පොලිසිය පිළිබඳවත් කොමිටියක් පත්කරන්න. නැත්නම් කරලා තියෙන සේරම හොඳ වැඩටික එක සැරේම හේදිලා යන්න පුළුවන්”

-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad