රට බංකොලොත් යයි ප‍්‍රකාශ කිරීම නීති විරෝධීයි… එය මහ බැංකුවට අයිති නෑ - වජිරගෙන් දැඩි චෝදනාවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 1, 2022

රට බංකොලොත් යයි ප‍්‍රකාශ කිරීම නීති විරෝධීයි… එය මහ බැංකුවට අයිති නෑ - වජිරගෙන් දැඩි චෝදනාවක්!

ශ්‍රී ලංකාව බංකොලොත් දැයි ප්‍රකාශ කළ අය කර තිබෙන්නේ නීති විරෝධී වැඩක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ පාර්ලිමේන්තුව මූල්‍ය පාලනය අතහැර වෙනත් අයට භාර දී ඇතත් නීතියෙන් මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවයි.

රට බංකොලොත් යයි ප‍්‍රකාශ කිරීම බලයක් නැති ක්‍රියාවලියක් බවත් ඒ ගැන වත්මන් ජනාධිපතිවරයා මන්ත්‍රීවරයකුව සිටිය දී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලද බවත් ඔහු පැවසීය.

රට බංකොලොත් කිරීමේ බලය මුදල් අමාත්‍යාංශයට හෝ මහ බංකුවට නැතැයිද පැවසූ ඔහු බලයක් නොමැති දෙයක් කළ විට සියලු දෙනා නිහඬව සිටින බවත් කියා සිටියේය.

රට බංකොලොත් බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් නොදැනුවත්ව වෙන කණ්ඩායම විසින් බවත් පැවසූ ඔහු නමුත් එහි වරද පාර්ලිමේන්තුව පිට පටවා ඇති බව කියා පැවසීය.

එනිසා රට බංකොලොත් කිරීම ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලා සිටීම පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ වගකීමක් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad